Java සදහා CMD

Java පරිගනක භාෂාව ඉගෙනීමේදී ඉතා අත්‍යවශ්‍ය වන CMD විධාන කීපයක් පිළිබදව ‍ලිපියක් ලියන්න හිතුවා Java මුල්ම පාඩම පටන්ගන්න කලින්. Java වලට විතරක් නෙවේ තවත් බොහෝ පරිගනක භාෂා වලට මේක වැදගත්. Command Prompt එක කියන්නේ වින්ඩෝස් වලට වඩා පහල මට්ටමේ(low level) වැඩසටහනක්. ඒ නිසා තමයි මේක අපිට පාවිච්චිකරන්න අමාරු. ඒ අමාරු දේවල් පුළුවන් තරම් ලේසි වෙන විධිහට කියලා දෙන්න තමා මේ හදන්නේ.


CMD වෙත පිවිසීම
 Windows XP  Start > Run වෙත ගොස් cmd ලෙස type කර Enter යතුර ඔබන්න. ඉහත ක්‍රමයටම ඉන්පසු පැමිණි වින්‍ඩෝස් සංසකරණ වලදීද කළ වුවද ඒ සදහා තවත් විශේෂ ක්‍රමද ඒවායේ ඇතුළත්ය.
  Windows 7   Start හි ඇති search box හි cmd ලෙස type කරන්න. cmd.exe යන්න මත ක්ලික් කරන්න. 
  Windows 8   TaskBar එකේ වම්පස පහළ කෙළවරට(පෙර වින්ඩෝස් සංසකරණ වලදී Start බට්න් එක තිබු තැනට) cursor එක ගෙනගොස් desktop shortcuts මෙනු එක දිස්වන තුරු බලා සිටින්න. එයින් Command Prompt (Admin) යන්න තෝරන්න.


CMD දෙස අවබෝධයකින් යුතුව බලමු
සාමාන්‍යයෙන් ඉහත ආකාරයකට cmd එක විවෘත කරගත් විට ඔබගේ Directory එක ලෙස තිරයේ දිස්වන්නේ userගේ default directory එකයි.
 Windows XP 
C:\Documents and Settings\Username>
  Windows 7  
C:\Users\Username>
  Windows 8  
C:\Users\Username>

දැන් අපිට cmd එක මගින් මේ අවස්ථාවේදී විධාන දී පාලනය කළ හැක්කේ ඉහත Folder එක තුළ ඇති files පමණි.

CMD ස්ථාන මාරුව(change directory)
දැන් අපි බලමු කොහොමද මේ දැනට තියෙන directory එක වෙනස් කරගන්නේ කියලා. මේ සදහා අපි භාවිතා කරන්නේ cd කියන command එක.

ඍජුවම මාරුවීම - cd c:\windows
මේ ආකාරයට type කර Enter යතුර එබීමෙන් ඍජුවම ස්ථානය මාරුවේ. අප කළයුතු වන්නේ "cd" + space + "අපට අවශ්‍ය ස්ථානය" ලෙස ඇතුළු කර Enter යතුර එබීමයි.

 Drive මාරු කිරීම - d: / e: / f:
ඉහත ක්‍රමයට මාරුවිය හැක්කේ යම් drive(partition) එකක් තුළ ඇති ෆෝල්ඩර අතර පමණක් බව ඔබට පේන්න ඇති. වෙනත් drive එකකට මාරු වීමට අපි ‍කිසිම command එකක් යොදාගන්නේ නෑ. ඒ කිව්වේ අපිට යන්න ඕනේ drive එකේ "drive letter"+":" ලෙස ඇතුළු කරලා Enter යතුර එබීම පමණයි අපි කරන්නේ.

● ෆෝල්ඩරයකින් ඒ තුළ ඇති වෙනත් ෆොල්ඩරයකට මාරුවීම - 

cd FolderName
A නම් ෆෝල්ඩරයක් තුළ B හා C නම් ෆෝල්ඩර දෙකක් ඇතැයි සිතමු. අප A තුළ සිටීනම් B හෝ C වෙත මාරු වීමට දිය යුතු විධානය,
cd B
cd C

මේ අයුරින් විධානය ලබාදී  Enter යතුර එබීම මගින් ඉතා පහසුවෙන් ෆෝල්ඩරයක් තුළ ඇති ෆෝල්ඩරයකට ඇතුළු විය හැකිය.
මෙසේම යම් ෆෝල්ඩරයක සිට ඊට ඉහත directory එකට යාමට එනම් Up වීමට අප ලබා දිය යුතු විධානය වන්නේ,
cd C
යන්නයි. මේ ආකාරයට ෆොල්ඩර අතර මාරුවීම සමහර අවස්ථාවලදී කාලය ඉතුරු කරගත හැකි මාර්ගයකි.

 මූලයට(root directory) පැමිණීම - cd ..\..
වින්ඩෝස් වල ෆෝල්ඩර්ස් පෙළගැස්වෙන්නේ අතු බෙදීයන ආකාරයටයි(tree-view). එම නිසා අපිට එකවර මුල්ම Directory එකට යාමට අවශ්‍ය වූවොත් ඒ සදහා අපි cd ..\.. යන විධානය භාවිතා කරනවා. C:\Program Files\Adobe සිටින විට අපට එකවර C:\ වෙත යාමට අවශ්‍ය නම් කළ යුත්තේ ඉහත command එක දීම පමණි.

දත්ත පිරික්සීම
අපිට cmd එක භාවිතා කරලා යම් ෆෝල්ඩරයක් තුළ ඇති files පිළිබද විස්තර ලබාගන්න පුළුවන්. මේ සදහා අපි dir යන විධානය යොදාගන්නවා. අපි‍ට පිරික්සීමට අවශ්‍ය ස්ථානයට Directory එක වෙනස් කරගෙන් dir ලෙස type කර Enter යතුර ඔබන්න.



Java වලට අපිට cmd එක උදව්වෙන හැටි දැන් බලමු.

Java වැඩසටනක් Compile කිරීම
Java වැඩසටනක් Compile කිරීම හෙවත් bytecode එකක් බවට හැරවීම කිරීමට අපි javac කියන compiler එක යොදාගන්නවා. මේ compiler එක run කිරීමටත් අපි යොදාගන්නේ cmd එකමයි.
මේ සදහා යොදන command එකේ ආකෘතිය පහත පරිදිය.

 javac filename.java 

Java වැඩසටනක් Run කිරීම
Compile කරගත් සරල වැඩසටහන් run කිරිමටත් අපි cmd එකම යොදාගන්නවා. ඒ සදහා විධානය,
 java classname 
Java වැඩසටනක් Compile කිරීම හා Run කිරීම පිළිබද අවබෝධයක් Java පළමු වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න.
View Blogger Comments
View Facebook Comments

Comments:

No comments:

Post a Comment

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements