Java නිවැරදිව පරිගනකයක ස්ථාපනය කිරීම


Java මගින් Programs සෑදීමට අප මුලින්ම කළ යුත්තේ JDK හෙවත් Java Development Kit පරිගනකයේ ස්ථාපිත කරගැනීමයි. මෙම JDK මූලිකව අන්තර්ගත වෙන්නේ Java Libraries සහ Compiler වැඩසටහනයි. මෙම JDK නොමිලයේම Oracle වෙබ් අඩවියෙන් Download කරගත හැකි අතර එහි මේ වන වට නිකුත්ව ඇති නවතම සංස්කරණය එහි 7 වැනි සංස්කරණයයි.

මෙහිදි අපි Download කළ යුත්තේ Java SE(Standard Edition) එකෙන් නිසා Java SE Development Kit එකයි. Sun Microsystem ආයතනය Oracle සාමාගම විසින් මිලදී ගැනීමෙන් අනතුරුවයි Java නිෂ්පාදනද www.oracle.com වෙබ් අඩවියෙන් ලබා දීම ආරම්භ වුයේ.



JDK 7 Download කරගැනීම
මුලින්ම මේ පහල ලින්ක් එක මත ක්ලික් කර download කරගැනීමේ පිටුවට යන්න.
දැන් පහත රූපයේ පරිදි ඔබේ පරිගනකයේ ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියේ බිට් අගයට අදාළ version එක download කරගන්න.

A - මත ක්ලික් කර ඔවුන්ගේ කොන්දේසි මාලාවට එකගවන්න.
B - ඉන්පසු මෙහි ඇති සංස්කරණ වලින් ඔබගේ පරිගනකයේ මෙහෙයුම් පද්ධතියට ගැළපෙන එකක් තෝරා ඊට ඉදිරියේ රතුපැහැ ඊතලයක් සමග ඇති link එක මත ක්ලික් කරන්න. එවිට download වීම ආරම්භ වේ.

උදා: ඔබගේ මෙහෙයුම් පද්ධතිය Windows 32 bit නම් Windows x86ද, Windows 64 bit නම් Windows x64ද තෝරාගෙන ඊ්ට අදාල සංස්කරණය download කරගත යුතුයි.


JDK 7 ස්ථාපනය කරගැනීම.
Download වීමෙන් අනතුරුව ආදාළ file එක ඔබගේ download folder එකේ දැකගත හැකිය. සාමාන්‍ය Games/Softwares Install කරන පරිදිම මෙයත් Install කරගත හැකිය.


Java Path සැකසීම.
Java සමග වැඩ කිරීමට නම් පරිගනකයට Java ස්ථාපනය කර ඇති ස්ථානය දැනුම් දිය යුතුය. මේ සදහා මුලින්ම My Computer මත Right Click කර Properties තෝරන්න. නැතිනම් Control Panel එකෙන් System Properties විවෘත කරගන්න.එහි Advanced Tab එකට යන්න. Environment Variables මත ක්ලික් කරන්න. Edit යන්න තෝරා System Variable කොටසේ ඇති list එකෙන් path යන්න තෝරා Edit Button එක මත ක්ලික් කර Edit System Variable විවෘත කරගන්න. එහි Variable Value යන්න තුළ තමා අපි Java Path එක ඇතුළු කළ යුතු. එම නිසා තිබෙන දෑ වලට කිසිම වෙනසක් නොකර පහත පරිදි ඇතිළු කර OK කරන්න.


;C:\Program Files\Java\jdk1.7.0_45\bin

සාමාන්‍යයෙන් ඔබ Java වැනි program එකක් Install කරන්නේ C:\ Program Files වලටය. නමුත් විශේෂ අවස්ථාවකදී ඔබ වෙනත් ස්ථානයකට Install කළානම් මෙහිදි යොදන Path එකද වෙනස් වේ. අප ලබා දිය යුත්තේ bin ෆොල්ඩරයේ පාත් එකයි.
උදා : ඔබ ජාවා Install කලේ D:\new folder වලටනම් ඔබ Variable Value යන කොටසට ඇතුළු කළයුත්තේ,

;D:\new folder\Java\jdk1.7.0_45\bin


JDK 7 නිවැරදිව ස්ථාපනය වූවාදැයි බැලීම
Java නිවැරදිව instal වුණාද කියලා හරියට දැනගන්න program එකක් ලියන්නම ඕනෙ නෑ පොඩි command line එකකින් ඒක පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබ දැනගත යුත් තවත් කාරනයක් තමා එය Java වලට මූලිකව Graphical Interface එකක් හෙවත් චිත්‍රක අතුරුමුහුණතක් නැත. එනම් Visual Basic වලදී මෙන් ටූල් බාර්,Windows වලින් සමන්විත IDE එකක් නැත. (මූලිකව නැති වුණාට NetBeans භාවිතා කිරීමේදී හා Eclipse IDE එක සමග වැඩ කිරීමේදී අතුරුමුහුණතක් සහිතව වැඩ කළ හැකිය.)

Command Prompt වැඩසටහන ඔබ මීට පෙර භාවිතා කර නොතිබෙන්නට පුළුවන්. නමුත් ඔබ Java ඉගෙන ගන්නවානම් අනිවාර්යෙන්ම එය භාවිතා කිරීමේ දක්ෂයෙකු විය යුතුයි. Commands පිළිබද ලිපියක් පසුව පළ කරන්නම්. දැනට පහත පරිදි කරන්න. 


WinKey+R මගින් Run Window එක විවෘත කරගෙන එහි cmd ලෙස type කර Enter යතුර ඔබන්න. දැන් ඔබට දකින්න ලැබේවී Command Prompt එක.(1 රූපය) එහි java -version ලෙස type කර Enter යතුර ඔබන්න. එවිට 2 රූපයේ පරිදි දිස්වේනම් ඔබ Java නිවැරදිව ස්ථාපනය කරගෙන අවසන්ය.



1 රූපය 


2 රූපය



      හැකි උපරිම සරල අයුරින් Java නිවැරදිව ස්ථාපනය කරගන්නා අයුරු ඉහතින් විස්තර කර ඇත. එනමුත් ඔබට‍ මෙහි කිසියම් ගැටළුවක් මතු වුණහොත් කරුණාකර Comment එකකින් විමසන්න.
View Blogger Comments
View Facebook Comments

Comments:

2 comments:

  1. Java ලිපි set එක ලියන එක නවත්තන්න එපා.
    ගොඩක් වැදගත් වුනා.
    Many Thanks For Your Help.

    ReplyDelete
  2. Microsoft Windows [Version 10.0.15063]
    (c) 2017 Microsoft Corporation. All rights reserved.

    C:\Users\sanjeewaa>java -version
    java version "10" 2018-03-20
    Java(TM) SE Runtime Environment 18.3 (build 10+46)
    Java HotSpot(TM) 64-Bit Server VM 18.3 (build 10+46, mixed mode)

    C:\Users\sanjeewaa>

    ම‍ෙය හරිද?

    ReplyDelete
අදහස් දැක්වීමට ඔබට පහත සදහන් Smiley භාවිතා කල හැකිය. අදාල කේතය Comment Box එක තුල Type කරන්න.

:) ;) :D :x B) (y) :P :v :( :-/ :O

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements