Java - Hello World

බොහෝ පරිගනක භාෂාවල මුල්ම program එක හදුන්වන්නේ hello world program එක කියලා. ඇත්තටම එහෙම කරන්නේ සාම්ප්‍රදායක් විදිහට වුණත් ගොඩක් programming languages වල මූලිකම දේවල් ඉතාමත් පහසුවෙන් හදුනගන්න මේ වැඩසටහන උදව්වෙනවා. Java වලටත් ඕනම කෙනෙක්ට මුලින්ම ඉගෙන ගන්න ඒ වගේ hello world වැඩසටහනක් තියෙනවා. අද ලිපිය ඒ ගැනයි.

මේ දෙවල් කරන්න කලින් JDK එක නිවැරදිව Install කරලා තියෙන්න ඕන. ඒ වගේම Java ඉගෙනගනිද්දි හුගක් දෙවල් කරන්නේ Command Prompt එකෙන් නිසාම මම 
CMD පිළිබද ලිපියකුත් ලිව්වා. ඒවා කියෙව්වේ නැත්නම් මුලින් ඒ ලිපි ටික කියවන්න.
ජාවා පළමු වැඩසටහන - Hello World
 මුලින්ම C Drive(System Drive) එකේ java යන නමින් folder එකක් සාදාගන්න.
Notepad එක open කරගන්න.
එකේ පහල code එක copy කරලා paste කරන්න.
class welcome{
 public static void main(String[]args){
  System.out.println("Hello World!");
 }
}
දැන් C:\java වල මේ notepad වල type කරපු code එක save කරන්න. ඒක කරන්නේ මෙහෙමයි. File > Save As මගින් "Save As" Dialog Box එක විවෘත කරගන්න. එහි මුලින්ම file type කියන එක All Files වලට මාරු කරන්න. දැන් save විය යුතු නම විදිහට welcome.java ලෙස ‍දීලා Save කරන්න.

අපි දැන මේක compile කරන්න ඕන. පෙර ලිපියේ කියලා දුන්නු විදිහට අපි මේ සදහා javac යන CMD විධානය භාවිතා කරනවා. Command Prompt එකේ Directory එක Change කරගන්න C:\java\ විදිහට. ඊට පසසේ 
javac welcome.java
ලෙස ටයිප් කර Enter යතුර ඔබන්න. compile වෙලා ඉවර වුණාම cursor එක පහල line එකට යයි.

පොඩ්ඩක් ඉන්න Command Prompt එක close කරන්න එපා. තව වැඩ තියෙනවා.

දැන් Compile කලපසු ෆොල්ඩරය තුළ welcome.class ලෙස file එකක් නිර්මාණය වී තිබේදැයි බලන්න. එසේ ඇතිනම් ඔබ සාර්ථකව ඉහත පියවර සියල්ල කර ඇත. දැන් ඉතිං මේක run කරන්න තමා තියෙන්නේ.

 මෙවන් සරල Java වැඩසටහන් අපි run කරන්නේ java කියන CMD විධානය දීම මගින් Command Prompt එක හරහායි. කලින් අපි directory එක මාරුකරගත්ත නිසා ආපහු මාරුකරන්න දෙයක් නෑනේ. ඔයාගේ අතින් වැරදිලා හරි cmd එක close වුණානම්  directory එක මාරුකරගන්න.
java welcome ලෙස ටයිප් කරලා Enter යතුර ඔබන්න.
මොනවාහරි වුණා දැක්කද? ඔව් දැක්කා නම් ඒ තමා Java Hello World Program එකේ ප්‍රතිඵලය. 



ඔබ අතින් සිදුවිය හැකි අතපසුවීම් හා ඒවාට පිළියම්

 Java කියන්නේ Case-Sensitive භාෂාවක් නිසා සියළුම Java Keywords(උදා:class/public/void/main) වල කැපිටල්/සිම්පල් අකුරු එලෙසම තිබිය යුතුයි. එය වෙනස් වුවහොත් වැඩසටහන ක්‍රියාත්මක නොවේ. ඒ නිසා ඒ පිළිබදව නිතර සැලකිලිමත් වෙන්න.

 කැරලි වරහන්( { සහ } ) නිවැරදිව සදහන් කර ඇතිදැයි බලන්න.

 class එක නම් කරන නමින්ම .java ෆයිල් එකත් නම් කරන්න.(මෙහිදී අපි class එක welcome ලෙස නම් කළ නිසා save කරන විට නම ලබාදුන්නේ welcome.java ලෙසයි.)


ඉගෙනගතහැකි මූලධර්ම
 Java වලදි code එකක් ලියන්න පටන් ගන්නේ class කියලා. Java වලදී class එකක් අපිට සැබෑ ලෝකයේ පවතින වස්තුවක්(Object) ලෙස අර්ථ දක්වන්න පුළුවන්. හෙමිහිට ඉස්සරහට යමුකො එතකොට තේරෙයි. මෙතනදි වැදගත් වෙන්නේ සැකැස්ම මතක තියා ගන්න එක. පහළ පිළිවෙලට එකක් ඇතුලේ එකක් පිහිටන්නයි සකස් වෙන්නේ. ඒ කිව්වේ class එකක් ඇතුලේ method එකක් ඒක ඇතුලේ statements. මේ වචන වල සරලම තේරුම පහළින් බලන්න.

Class - ක්ලාස්
හැම Java code එකකචිම මුලින්ම  class  කියලා අපි ඒකට නමක් දීලා  {  දාලා class එක ඇතුලේ තියෙන දේවල් ගැන පරිගනකයට ඇනුම දෙන්න ඕන. අන්තිමට අවසාන කරන්නත් ඕන 
 }  දාලා.

Method - මෙතඩ්
මේකෙදි  public static void main(String[]args)  කියන්නේ method එකක්. මේකත්  {  වරහනක් දාලා ආරම්භ කරලා  }  දාලා අවසන් කරන්න ඕන. අපි මෙතනදි නම් භාවිතා කළේ main කියන method එක විතරයි. ඉස්සරහට method කීපයක් සහිත වැඩසටහන් ගැන බලමු.

Statements - ස්ටේට්මන්ට්ස්
method එක ඇතුලේ තියෙන්නේ Statements(ප්‍රකාශ). මේවා එකින් එකක් වෙන් කරන්න අපි භාවිතා කරන්නේ  ;  (Semicolon)තිත්කොමාවක්. මේ semicolon එක මගහැරීම වැඩසටහන ක්‍රියාත්මක නොවන බැවින් ඒ පිළිබද අවධානය යොමුකරන්න.

  {  }  හෙවත් කැරලි වරහන්(Curly Brackets) ආරම්භයක් සහ අවසානයක් දැක්වේ.  class welcome {  ලෙස දැක්වනුයේ welcome නමින් class එකක් ආරම්භ වුණු බවයි. එම class එක තුල ඇති දෑ අඩංගු කර නැවත  }  (අවසනයේ පහලින්ම ඇති) යෙදීමෙන් එය අවසන් වූ බව දැනුම්දෙයි. 


class welcome{
 public static void main(String[]args){
  System.out.println("This is first Statement");
  System.out.println("This is second Statement");
 }
}
මේ විදිහට code එක වෙනස් කරලා compile කරපු වැඩසටහන run කරලා බලන්න. යම් අදහසක් ගන්න පුළුවන් වෙයි මේ කතා කරපු දේවල් පිළිබදව. statement ගැනත් ඉදිරි පා‍ඩම් වලදී හොදින් වැටහේවී.

ඉතා සරල වැඩසටහනක් run කරන්නත් මෙච්චර වැඩ කරන්න ඕන නිසා ඔයාලට මෙකේ එතරම් ප්‍රයෝජනවත් බවක් දැනෙන එකක් නෑ. ඒත් Java වලින් කළ හැකි දේ බොහෝයි. ඒවා තේරෙන විදිහට සරලව දැනගන්න දිගටම රැදෙන්න අපි සමග.

View Blogger Comments
View Facebook Comments

Comments:

1 comment:

අදහස් දැක්වීමට ඔබට පහත සදහන් Smiley භාවිතා කල හැකිය. අදාල කේතය Comment Box එක තුල Type කරන්න.

:) ;) :D :x B) (y) :P :v :( :-/ :O

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements