JAVA පරිගණක භාෂාව

මෙතෙක් බිහි වී ඇති පරිගනක භාෂාවන් අතර ප්‍රභලතම පරිගනක භාෂාවක් ලෙස Java(ජාවා) හදුන්වන්න පුළුවන්. එය ප්‍රභලවන්නේ හේතු කීපයක්ම නිසායි. එයින් මූලිකම දේ තමයි platform Independance(පසුව විස්තර කෙරේ) වීම. හොදයි එහෙනම් අද සිට අපි නොදන්න IT තුළින් Java පාඩම් මාලාවක් මුල සිට ඇරඹෙනවා. මුල සිට කිව්වාම ජාවා ඉතිහාසයේ ඉදලම පටන්ගන්න වෙනවා. අද පාඩමෙන් JAVA ගැන මූලික දේවල් ටිකක් බලමු.


Java ඉතිහාසය කෙටියෙන්...
1990 වර්ශයේදී Sun Microsystem ආයතනය අළුත් ව්‍යාපෘතියක් ඇරඹුවා. එහි අරමුන වූයේ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙහෙයවිය හැකි වි‍ශේෂ භාෂාවක් සෑදීමයි. මේ ව්‍යාපෘතිය මුලින් "Stealth Project" කියල හදුන්වලා පසුව "Green Project" ලෙස නම වෙනස් කෙරුණා. 1991දී James Gosling, Patrick Naughton ඇතුළු Green Project කණ්ඩායම "Oak" නමින් භාෂාවක් එලිදැක්වූවා. මෙම Oak භාෂාව එවකට පැවති C/C++ භාෂාවලට බොහෝසෙයින් සමානකමක්ද දැක්වූවා. නමුත් සම්පත් භාවිතය අතින් Oak ඉදිරියෙන් සිටියා. මෙයට Oak ලෙස නම් තැබුවේ ඔවුන් මෙම ව්‍යාපෘතිය කරමින් සිටි කාර්යාලය අසල තිබූ Oak ගසක් නිසා බවයි සදහන්වන්නේ. 1992දී Oak භාෂාව Star7 නමින් PDA උපාංගයක් සෑදිමට භාවිතා කළ අතර එහි "Duke" නමින් Smart-Agent උපදේශක වැඩසටහනක්ද ඇතුළත් වුණා.
පසෙකින් දැක්වෙන්නේ එම dukeගේ හැඩරුව එවකට තිබූ අයුරුයි.



1993දී World Wide Web(WWW) සංකල්පය ඔස්සේ අන්තර්ජාලය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමගම green project කණ්ඩායමත් තමන්ගේ නව භාෂාව අන්තර්ජාලය සමග ගණුදෙනු කිරීමට Webbrowserයක් සෑදීමට යොමුවුණා. මෙම browserය මුල් කාලයේදී "WebRunner" ලෙසත් පසුව "Hot Java" ලෙසත් හැදින්වුවා.



බාධක ජයගෙන Oak පැමිණි ගමන්මග අවසන් වන්නේ 1994දී Java ලෙස නම වෙනස් කිරීමත් සමගයි. Javaහිද භාවිතාවූයේ Oak Technology එකමය. නමුත් Java භාෂාව ඊටවඩා වැඩිදියුණුකර තිබිණා. 


ජාවා භාෂාවේ නිල ලාංඡනය ලෙස coffee cup(කෝපි කෝප්පයක්) යොදාගත්තා. ඒ වගේම නිල සුරතලා විදිහට Star7 PDA උපාංගයේ සිටි Smart-Agent එනම් "Duke" යොදාගත්තා. Javaහි Logo එක මෙන්ම "Duke" ද වරින්වර අළුත් වුණා. පහතින් ඇත්තේ මේ වනවිට Javaහි අයිතිය ඇති Oracle ආයතනයේ නිළ වෙබ් අඩවියේ ඇති Java Logo එක සහ Dukeගේ පින්තූරයි.


ඉන්දුනීසියාවේ
ජාවා දූපතේ ඇති
කෝපි ලෝකය
පුරාම ප්‍රසිද්ධයි.
Java Logo එක
ලෙස ඇත්තේද
මෙම කෝපි
කෝප්පයකි.
Dukeගේ හැඩරුව
සෑම අවුරුද්දකටම
වරක් වෙනස් වේ.
නවතම Duke
නම් කර ඇත්තේ
"Future Tech
Duke" ලෙසයි.
View Blogger Comments
View Facebook Comments

Comments:

2 comments:

  1. supiri machan..mma ada tmai meka dekke...puluwannam meka hemadamakarapan....thanks mcahan

    ReplyDelete
  2. නියමයි සහෝ දිගටම ලියපන්.ගොඩක් වටිනව...

    ReplyDelete
අදහස් දැක්වීමට ඔබට පහත සදහන් Smiley භාවිතා කල හැකිය. අදාල කේතය Comment Box එක තුල Type කරන්න.

:) ;) :D :x B) (y) :P :v :( :-/ :O

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements