Why JAVA - ජාවා වැදගත්වන්නේ ඇයි?

පරිගනක භාෂාවන් ගත්කල වෙනත් ඕනෑම භාෂාවකට වඩා Java විවිධ කරුණු රාශියක් නිසා සුවීශේෂී වේ. ඒ මොනවාද? අනිකුත් භාෂා සහ Java පරිගනක භාෂාව ගත් කළ වාසි සහ අවාසි සංසන්දනය කිරීම ඇතුළු තවත් කරුණු රාශියක් මෙම ලිපියෙන්.

එදත් මම කිව්වා මතක ඇති Platform Independence කියලා එකක්. එදා සමහරු බලන්න ඇති ඒ කිව්වේ මොකක්ද කියලා. හොදයි ඒකෙන්ම පටන්ගමුකො එහෙනම්. ඇත්තම කිව්වොත් Platform Independence කියන එකේ තේරුම කලින් ලිපියෙත් තිබ්බා. 

"එහි අරමුන වූයේ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙහෙයවිය හැකි වි‍ශේෂ භාෂාවක් සෑදීමයි."

ඔව් ඒ කියන්නේ Java වලට අසීමිත නිදහසක් තියෙනවා. Java වැඩසටහනක් Run වෙන්න Windows මෙහෙයුම් පද්ධතිය තිබීම අනිවාර්ය නෑ. ඒක Linux/Ubuntu වලත් වැඩ කරන්න පුළුවන්. ඒ ‍වගේමයි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පරිගනකයක්ද අත්‍යවශ්‍ය නෑ. පරිගනක වල මෙන්ම ජංගම දුරකතන/PDA උපාංග වලද මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි. එතනිනුත් එහාට ගියොත් විදුලියෙන් වැඩකරන ඔනෑම උපකරණයක Java Programs ක්‍රියාත්මක කළ හැකියි. ඒ නිදහස නිසා තමයි Java මේතරම් ලොව පුරා ජනප්‍රිය වුණේ.

ඔබ පැරණි ජංගම දුරකථනයක් භාව්තාකර ඇත්නම් Java Games/Applications භාවිතා කර ඇති. අපි නොදන්නවා වුණාට රූපවාහිනී/මුද්‍රණයන්ත්‍ර/වායුසමීකරණ වැනි අපි එදිනෙදා භාවිතාවන උපකරණ වල වගේම ප්‍රමාණයෙන් ඉතා කුඩා පොදුවේ Smart Card ලෙස හදුන්වන Sim-Card/ATM Card වැනි ඒවායේ ඇති Chip IC වල මතකය හැසිරවීමේ program ලෙසත් Java මගින් ලියූ වැඩසටහන් තමයි භාවිතවන්නේ. ජාවා කියන්නේ අපි අවට තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයකම භාවිතාවන Programs ලිවීමට යොදාගත් භාෂාවක් කිව්වොත් නිවැරදයි.

ක්‍රමලේඛන මූලධර්ම සලකන විට Java OOP ‍හෙවත් Object Oriented Programming Language එකක් වීම නිසාත් එය විශේෂවනවා. C++/C# වැනි භාෂාද මේවන විට OOP Languages ලෙස සලකනවා.


Java වැඩසටහන් ඕනෑම උපාංගයක ක්‍රියාකිරීමට අදාල ක්‍රියාවලිය

මුලින්ම පහත සටහන බලන්න.

අපි ලියන Code එක Compiler එකක් මගින් bytecode එකක් බවට convert කරනවා. එම bytecode එක Java Virtual Machine(JVM) එක ස්ථාපිත ඕනෑම උපංගයක වැඩකරනවා. 
ඔබ Mobile Games ක්‍රීඩා කිරීමේදී සෑම විටම Java ලෙස තිරයේ Splash Screen එකක් දිස්වන අතරතුර සිදුවන්නේ මෙම‍ JVM එක Load වීමයි.

පරිගනක ක්‍රීඩා සෑදීමට Java උපයෝගී කරගන්නවාද?

ඔව්. නමුත් Java වැඩි වශයෙන් යොදාගන්නේ වාණිජමය මෘදුකාංග හා විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග වල මෙහෙයුම් මෘදුකාංග සෑදීමට. PC Games නිර්මාණයට වැඩි වශයෙන් භාවිතවන්නේ C++ සහ C# වැනි භාෂාවන්ය. වින්ඩෝස් පරිගනක මෙහෙයුම් පද්ධති නිර්මාණයේදී වුවත් භාව්තා කරන්නේ සම්පූර්ණයෙන්ම වාගේ C භාෂාය.
ආරක්ෂාකාරී ඒ වගේම කාර්යක්ෂම පරිගනක භාෂාවක් ඉගෙන ගැනීමට කැමති අයෙකුට Java කියන්නේ ඉතා හොද තෝරාගැනීමක්.
View Blogger Comments
View Facebook Comments

Comments:

No comments:

Post a Comment

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements