පරිගනක භාෂා - Pascal සහ Visual Basic - හදුන්වාදීම

Pascal හා Visual Basic යන භාෂා තරමක් පැරණි මේ වන විට භාවිතයේ නොපවතින ඒවා වුණත් programming ඉගෙනීමේදී ඒව පිළිබද දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. මන්දයත් නූතනය වන විට දියුණු වී ඇති පරිගනක භාෂා වලට ඒවායෙන් ලැබූ අභාෂය සුළුපටු නොවන නිසාය. ඒවායේ ආරම්භය සහ අද වන විට ඒවා කොතෙක් දුර ගමන් කර ඇතිද යන්න පිළිබද විස්තර කීපයක් අද ලිපියෙන්.

 Pascal 


මෙම high level පරිගනක භාෂාව නූතනයේදී Programming සදහා භාවිතා නොවුනත් අධ්‍යාපන ක්ෂේතයේදී මූලික සංකල්ප සිසුන්ට අවබෝධ කරවීමට උපයොගී කරගනියි. 1970දී පරිගනක භාෂාවක් ලෙසට සංවර්ධනය කෙරුණු මෙය  සැබැවින්ම ඇල්ගොල්(Algol) නම් පරිගනක භාෂාවෙහි දිගුවකි.(මෙම Algol භාෂාව සංවර්ධනයෙන්ම C සහ ඊට බොහෝසයින් සමාන C++, Java, C# වැනි භාෂාද නිපදවා ඇත.)
Algol භාෂාව Pascal දක්වා සංවර්ධනය කිරීමේ මූලිකම ගෞරවය හිමිවනුයේ ස්විස්(Swiss) ජාතක පරිගනක විද්‍යාඥයෙකු වන  Niklaus Wirth හටයි. ඔහු විසින් 17වන සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයෙකු වන Blaise Pascalට උපහාර පිණිස මෙම නමින් නම් කරන ලදී. 

එදා සිට අද දක්වා සිදුවීම් කෙටියෙන්....
● Borland International නම් සමාගම විසින් 1980 අගභාගයේදී Pascal Compiler (සම්පාදකක් වන Turbo Pascal හදුන්වාදෙන ලදී.Anders Hejlsberg මෙහි නිර්මාතෘ විය.
● 1990දී Anders විසින්ම Delphi නමින් වාණිමය මෘදුකාංග නිශ්පාදනයට පහසු වන ලෙස Turbo Pascal සංවර්ධනය කරන ලදී.
● පසූව Microsoft ආයතනය සමග එක්වූ Anders එහි
software development framework එකක් වූ .NET framework සෑදීමට සම්බන්ධ විය. Turbo Pascal සහ .NET framework හි සමහර අංග සමාන වීම ඔහුගේ සමන්ධවීම නිසා සිදු වවකි.


FreePascal, is Turbo Pascal compatible compiler found at www.freepascal.org

 Visual Basic 

Microsoft සමාගම විසින් ග්‍රැෆිකාකාර පාරීශිලික අතුරුමුහුණතක් (GUI) සහිතව 1991දී නිපදවූ Visual Basic හි දැනට සංස්කරණ 6ක් නිකුත් කර ඇත. මෙහි පළමු හා දෙවන සංස්කරණය දෝෂ බහුල වූවත් තෙවන සංස්කරණය ඉතා සාර්ථක එකක් විය. 
Rapid Application Development (RAD) තිබීම/Data Access Objects, Remote Data Objects,ActiveX Data Objects භාවිතයෙන් ඩේටා‍බේස් සමග හැසිරවීමට පහසු වීම/ActiveX controls and objects භාවිතයට හැකිවීම වැනි පෙර භාෂාවල නෙතිබූ අංග මෙහි දැකගත හැකිවිය.

‍1998දී නිකුත් කෙරුණු මෙහි 6 වන සංස්කරණය ආධුනිකයින්ට සරලව Programming කිරීම සදහාද ප්‍රවීණයින්ට ඉතා සංකීර්ණ මට්ටමේ Application පවා සෑදීමට හැකියාව ලබා දී ඇත.

නමුත් මෙහිදී සදහන් කළයුතු වැදගත්ම කාරණය වන්නේ VB මගින් නිර්මාණය කළ හැක්කේ Windows මෙහෙයුම් පද්ධතියට ගැලපෙන වැඩසටහන් පමණි.

එදා සිට අද දක්වා සිදුවීම් කෙටියෙන්....


● Windows 3.0 සදහා වූ programmable form system එකක් ලෙස‍ VB 1.0 වර්ෂ 1991 මැයි මාසයේදී Alan Cooper සහ ඔහුගේ Tripod සමාගමේ සහයද ඇතිව Microsoft සමාගම විසින් එලිදක්වන ලදී.

● VB 1.0 හි DOS සංස්කරණය 1992 සැප්තැම්බරයේදී එලිදක්වන ලදී.

● Visual Basic 2.0 එලිදුටුවේ 1992 නොවැම්බරයේදීය.

● 1993 අප්‍රේල් මසදී නිකුත් කෙරුණු Visual Basic 3.0, Standard සහ Professional යනුවෙන්සංස්කරණ 2ක් ලෙස නිකුත් කරණ ලදී.

● Standard, Professional සහ Enterprise යනුවෙන් 1995 අගෝස්තුවේද සංස්කරණ 3ක් ලෙස නිකුත් කෙරුණු Visual Basic 4.0 මගින් Windowsහි 16-bit හා 32-bit යන සංස්කරණ 2 සදහාම වැඩසටහන් නිර්මණය කළ හැකි විය.

● 1997 පෙබරවාරියේදී එලිදුටු 5.0 සංස්කරණය ActiveX controls, custom user controls සහ compile කිරීමකින් තොරව .exe project run කිරීමේ හැකියාව ඇතුළු තවත් පහසුකම් ගනණාවකින් සමන්විත විය.

● 1998 මැද භාගයේදී නිකුත්වූ අවසාන හෙවත් 6 වන සංස්කරණය පැති ගණනාවකින් විශාල දියුණුවක් ලබා තිබුණි. web based applications සෑදිය හැකිවීම ඒ අතර ප්‍රධාන විය. Windows Vista සහ ඊට පසුව පැමිණි Windows සංස්කරණ VB 6.0 සදහා සහය නොදැක්වුවද එමගින් සැදු application සදහා සහය දැක්වීය. එනම් Visual Basic 6.0 development environment  සදහා සහය නොදැක්වුවද runtime එක සදහා සහය දැක්වීය./

● 2008දී Visual Basic සමග තිබූ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු Visual Basic.Net පමණක් ඉදිරියට පවත්වා ගෙනයාමට Microsoft සමාගම තිරණය කරන ලදී.
View Blogger Comments
View Facebook Comments

Comments:

No comments:

Post a Comment

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements