පරිගනක භාෂා

පරිගනකය සමග වැඩ කරන විට ඔබට නිතර හිතට නැගෙන ප්‍රශ්නයක් තමයි අපි මේ සිදු කරන දේවල් පරිගනකය තේරුම් ගන්නේ කෙසේද? පරිගනකයක් සමග සන්නිවේදනය කරන්නේ කොහොමද කියලා, කුමන භාෂාවෙන්ද කියලා. බොහෝ අය හිතන්නේ English කියලා. ඒත් අවාසනාවකට නූතනයේ පරිගනක මානව භාෂා තේරුම් ගන්න තරම් දියුණු නෑ. එසේනම් මානව භාෂා පරිගනකයක් තේරුම් ගන්නේ කෙසේද? අපි නොදන්න IT හි පළමු ලිපිය ඒ ගැනයි.



පරිගනක භාෂාවල අතීතය වර්තමානයේ පවතින නවීනතම
පරිගනකයකට පවා විධාන ලබා දෙන්නේ Binary Format එකෙන් හෙවත් 1 සහ 0 යන ඉලක්කම් භාවිතා කරලා. මුලින්ම Programming කළේ Binary Format එක උපයොගී කරගෙන හදපු Machine Code වලින්. ඊට පස්සෙ Assembly නම් තවත් Code විශේෂයක් භාවිතා කළා. මේ භාෂා 2ම low level languages ලෙසයි හැදින්වූයේ.


Assembly ටිකක් වතර පහසු වුනත් එකෙන් ලියපු Programmes ඉතා දිගු ඒවා වුණා. මේ නිසාම මේවායේ ගැටළු මතුවීමත් එම ගැටළු නිරාකරණය කිරීමට අපහසු වීමත් වැනි ප්‍රශ්න මතුවුණා. 1950 පමණ වන විට high level computer languages නිර්මාණය වුණා. මෙම භාෂා සරල ඉංග්‍රීසි හා ගණිතමය දැනුමක් පමණක් ඇති අයට වුවද පහසුවෙන් භාවිතා කල හැකි වුණා.

Pascal
C
C++
C#
COBOL -(developing Business type applications)
FORTRAN - (developing scientific, engineering types of applications)
Visual Basic
Java



මෙම භාෂා වලටද පසු ඊටත් ව‍ඩා සරල වූ භාෂාද බිහි වුණා.

SQL(Structured Query Language) - used with databases
Prolog - develop Expert Systems(related to Artificial Intelligence)




Visual Basic වලින් ඉහත වම් පස රූපයේ දැක්වෙන පරිදි සිදුකරන ක්‍රියාවලියම SQL භාෂාවක් මගින් දකුණු පස ඇති ආකාරයට සිදුකළ හැකිය. ක්‍රම ක්‍රමයෙන් භාෂා සරල වූ බව ඉහත උදාහරණයෙන් මනාව පැහැදිලි වෙනවා නේද?

මේවායේදී Code ලිවීම ඉතාමත් පහසු කාර්යයක් වුණා.

පරිගනක භාෂා වර්ගීකරණය

1) පළවන පරම්පරාව - Machine Code
2) දෙවන පරම්පරාව - Assembly
3) තෙවන පරම්පරාව - Pascal / C / C++ / C# / Visual Basic / Java
4) සිව්වන පරම්පරාව - SQL
5) පස්වන පරම්පරාව - Prolog

පස්වන පරම්පරාවක් දක්වා දියුණු වුවද තවමත් programming සදහා වැඩිවශයෙන් භාවිතා කරන්නේ තෙවන පරම්පරාවේ පරිගනක භාෂාය.

මේ එක් එක් පරිගනක භාෂාව එකිනෙකට වෙනස් වුවත් බොහෝ ඒවායේ මූලධර්මය එකමය. යම් යම් වෙනස්කම් මගින් මේවා එකිනෙකින් වෙනස් වේ. එක් එක් භාෂාවේ වාසි මෙන්ම අවාසිද නිසා කලින් කලට විවිධ ආකාරයේ නව පරිගනක භාෂා බිහිවීමද, පැරණි භාෂා වල නව සංස්කරණ එලි දැක්වීමද සිදුකරයි.
View Blogger Comments
View Facebook Comments

Comments:

1 comment:

  1. වැදගත් පොස්ටුවක්. තවදුරටත් කරගෙන යන්න. සුබ පතනවා!

    ReplyDelete
අදහස් දැක්වීමට ඔබට පහත සදහන් Smiley භාවිතා කල හැකිය. අදාල කේතය Comment Box එක තුල Type කරන්න.

:) ;) :D :x B) (y) :P :v :( :-/ :O

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements