HTML - Elements සහ Tags - පාඩම් අංක 001

HTML ඉගෙනීමේදී තේරුම්ගතයුතු මූලිකම දේ තමයි Elements සහ Tags කියන්නේ. Elements කියන එක ගැන මුලින්ම බලමු. Elements(මූලාවයව) වලින් තමයි වෙබ් පිටුවක සැලැස්ම ගැන වෙබ් බ්‍රව්සරයට කියන්නේ. වෙබ් බ්‍රව්සරය ඒවා කියවලා අදාළ පිළිවෙලට වෙබ් පිටුව පෙන්නවා. එතකොට Tags කියන්නේ Element එකක ආරම්භය සහ අවසානය සනිටුහන් කරන කේත විශේෂයකටයි.

■ හැම Tag එකක්ම 
"<" යොදා අරඹන අතර ">" යෙදීමෙන් අවසන් කෙරේ. මේ ටැග් වර්ග 2ක් තියෙනවා. ආරම්භක(opening) හා අවසා(closing) ටැගස් ලෙස මේ වර්ග දෙක හදුන්වන්න පුළුවන්.  
<html> </html>
<body> </body>
<em> </em>

■ ආරම්භක සහ අවසාන ටැග්ස් අතර වෙනස්කමක් තියෙන්නේ "/" නිසා බව ඔබට පෙනේවී. Tags යොදාගෙන Element එකක් නිර්මාණය කරනවා කියලා මම ඉහතදී සදහන් කළා. දැන් බලමු ඒ කොහොමද කියලා.
 <Opening Tag>Element එකේ අන්තර්ගතය<Closing Tag> 

HTML වල හැමදෙයක්ම නිර්මාණය වෙන්නේ Elements හරහායි. ඒ නිසා අපි විවිධ tags යොදාගෙන Element කීපයක් නිර්මාණය කරමු.

HTML Elements උදාහරණ -

<em>Emphasised text</em>
<h1>Heading 1</h1>
<h2>Heading 2</h2>

ඉහත Elements වෙබ් බ්‍රව්සරය විසින් හදුනාගෙන දිස්වන ආකාරය පහත "ප්‍රතිඵලය පෙන්වන්න" මගින් බලන්න.




■ ඔන්න දැන් ඔබට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් හැම element එකකටම ආරම්භක සහ අවසාන ටැග්ස් ඕනද කියලා. නෑ. element කීපයක පමණක් තියෙනවා එහෙම ටැග් 2ක් නැතුව තනි ටැග් එකක් පමණක් භාවිතා කරන.උදාහරණ - <br/> <img/>

■ තවත් ප්‍රශ්නයක් මේ tags අපි ලියන්න ඕන සිම්පල් අකුරු භාවිතා කරලමද? එහෙම එකක් නෑ. අවශ්‍ය නම් කැපිටල් වලිනුත් ලියන්න පුළුවන්. ඒත් මම නිර්දේශ කරන්නේ code එක ලස්සනටත් පිළිවෙලටත් තියෙන්න නම් සිම්පල් අකුරු භාවිතා කරන්න කියලා.

■ එතකොට කොහෙද මේ code ලියන්නේ? HTML Document එකක. .html ලෙස extension එක ඇති file වලට තමා HTML Documents කියන්නේ. ඒ වගේ එකක් හදාගන්න හැටි වගේම ඔබේ පළමු වෙබ් අඩවිය නිර්මාණය කරන අකාරය ඊලග පාඩමෙන් බලමු.
View Blogger Comments
View Facebook Comments

Comments:

7 comments:

  1. නියමයි මචං... නියමෙට තේරෙන්න ලියල තියනවා.. 002 ලිපිය බලාපොරොත්තුවෙන්...

    ReplyDelete
  2. එල මචෝ.දිගටම කරගෙන යමු.ජය වේවා!

    ReplyDelete
  3. (y) නියමයි...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
අදහස් දැක්වීමට ඔබට පහත සදහන් Smiley භාවිතා කල හැකිය. අදාල කේතය Comment Box එක තුල Type කරන්න.

:) ;) :D :x B) (y) :P :v :( :-/ :O

 

Help Forum

WisdAch | T-Shirt Printing

Advertisements